Friday, March 25, 2011

මම වී.බී.සී.සී. ගිය හැටි

ඔන්න ඉතින් කොල්ල මොන්ටිසෝරි ගිහින් එහෙම ඉවර වෙලා ඉක්කෝලෙ යන්න පටන්ගත්තය කියමුකො.කොල්ල ගියේ පලාතෙම තිබුනු ප්‍රසිද්ධම ප්‍රාථමික පාසැලට.හැබැයි පාසැල කොච්චර පුරසිද්ධ උනත් ඒකට අදාල දේවල් බොහොම ටිකයි මතක.ටොයිලට් එක ගාව පුලුන් ගහක් තිබුනා, එතකොට කැන්ටිමේ පට්ට වඩේ ජාතියක් තිබුනා,පන්තියෙ පට්ට වස ආඩම්බර නිවුන් කෙල්ලො දෙන්නෙක් හිටියා එකියෙකුගෙ බෙල්ලෙ තිතක් වගේ උපන් ලපයක් තිබුනා ඒකෙන් විතරයි දෙන්නව මාරු නොවී හොයාගන්න පුලුවන් උනේ. වෙන.ම්....ම්.....අප්පට උඩු සිරාම වැඩේ තමයි ශිෂ්‍යයත්ව විභාගෙ ඕං මේං කියල මට පැපොල හැදුනනෙ..නෑ නෑ කිසි අවුලක් උනේ නැහැ සිරාම තමයි අනිත් එව්වො ගුටි කකා නිදි මරාගෙන පාඩම් කරනවා පන්තියනවා ඒකට මම ඒක හැදුනාම මරු ඕයි මාර සැලකිලි.කන්නද බොන්නද හැබැයි නොදෙන දෙවලුත් තියනවා.අනිත් එක ඒ දවස් වල අර Discovery Channel එක ලංකාවට ආපුම දවස්.මටත් ඉතින් තව මොනාද? කොහොම හරි විභාගෙට දවසකට දෙකකට කලින් තමයි සනීප වෙලා නෑවෙ.විභාගෙට ගියා කියමුකො ...නෑ යකෝ මම එච්චර මැට්ටෙක් නෙවෙයි ඒ දවස් වල. ටිකක් විතර මීටරේ... විභාගෙ ගොඩ කොල්ලට සුවර්...ප්‍රතිඵල ආවා සිරාවටම කොල්ල ගොඩ..අම්මලත් ඉතින් දැම්මා ආනන්ද, නාලන්ද , වී.බී.සී.සී.,ජී.බී.සී.සී,යේල්,කේම්බිජ්,ගෝතමී,විශාකා... ඔය ඔක්කොටම. ඔය කිව්ව මුල් හතරටම කොල්ලා සිලෙක්ට් ඉතින් අහන්න දෙයක් නැහැ(අනිත් එව්වට මගෙ සමහර සුදුසුකම් ගැලපෙන්නෙ නැහැකිව්වනෙ) කොහොම හරි නාලන්ද ගමනට සෙට් උනා තාත්තා කැමතියි අම්මා ටිකක් ප්‍රතිගාමියි...හේතුව තමයි ඒ දවස් වල කොලඹ හෝ ගාල බෝම්බ පත්තු වෙනවා...(නෑ ඕයි අර පිරිබා හරකා පත්තු කෙරෙව්වා)ඉතින් කොහොම හරි අම්මට පුලුවන් උනා අම්මගෙ පැත්තෙ නෑදෑ පරපුරත් සෙට් කරලා වැඩි ජන්ද බර ගාන කින් ගොඩ යන්න අපේ තත්තාට පුලුවනෑ අපෙ අම්මගෙ පරපුර එක්ක හැප්පෙන්නාම්මගෙ සහෝදර සහෝදරියොම නවදෙනෙක් නොවැ.තත්තාට හිටියෙ අයියයි මල්ලියි ඒකෙනුත් තාත්තාගෙ අයියා බැඳලා හිටියෙ අම්මගෙ අක්කා කෙනෙක් ඉතින් තව මොන කතාද? මෙතන අනිත් සිද්ධිය තමයි තාත්තාගෙ ගම කොලඹට කිට්‍ටුව අම්මගෙ ගම වේයන්ගොඩ. අම්මා වී.බී.සී.සී (වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය)ආදිශිෂ්‍යාවක් ඉතින් කොහොම හරි අම්මා දිනුවා මම වී.බී.සී.සී .අම්මාගෙ ඔය ජයග්‍රහණය ඔතනින් නවතුනේ නැහැ අපේ නංගවත් ඉතින් සෑහෙන කට්ටක් කාලා පංති එහෙම ගෙනිහින් අපේ පවුලේ පාසැලටම ඇතුලු කලා. ඊලඟට මෙතන සිරාම සිද්දිය... අපෙ අම්ම වී.බී.සී.සී  තිස්ස නිවාසයේ ඊලඟට මම වී.බී.සී.සී  තිස්ස නිවාසයේ, ඊලඟට අපේ නංගිත් වී.බී.සී.සී  තිස්ස නිවාසයේ. සිරාම තමයි.
මතු සම්බ න්දයි........

මයන්න මයන්න.......

මං කොල්ලා ඉපදිලා තියෙන්නෙ එකදාස් නමසිය අසූ ගනන් වල වතුපිටිවල මහ ඉස්පිරිතාලෙ.දෙමවුපියන් විවාහකයි.පිය පරපුරේ මුත්තාගෙ නම චාර්ල්ස් පෙරේරා.ජාතිය සිංහල ගෝත්‍රය යක්ශ, ආගමක් නැහැ දර්ශනය බෞද්ධ.ලග්නෙ ධනු හැබැයි ඔය වාහනයක දුනුකොලයක් ඇරෙන්න තාම දුන්නක් අතින් වත් අල්ලල නැහැ.
දැන්නම්වයස විසිපහත් පැනලා,කලුම කලුයි, කෙට්‍ටුයි ඒ කියන්නෙ ඉන අඟල් 36ත් 38ත් අතර බර යන්තම් කිලෝ 90ත් 105ත් අතර.උසනම් මතක නැහැ(මට ඔය කෙහෙල්මල මතක හිටින්නෙම නැහැනෙ පොඩි කාලෙනම් අඩි දෙකහමාරයි ද කොහෙද ) පපුවෙ හරියටම බොක්කට උඩින්(ඉංග්‍රීසියෙන් කිව්වොත් හදවතට උඩින්) තියනව උපන් ලපයක් ° (අපේ අම්මට දවසක් මාත් එක්ක හොඳටූම මල පැනලා සං‍තෝසෙන් හිටපු වෙලාවක මට ආදරෙන් කිව්වා උඹනම් කැ‍රැල්ල වෙලාවෙ පපුවට වෙඩිකාලා මරුණ ජේ වී පී කාරයෙක් දෝ කොහෙද කියලා, ඕක අපෙ අම්ම තරහගිහින් මල අතේ අරන් කිව්වට මට ඉතින් මාර මෙව්ව එකක් හිතට ආවෙ.ඇයි යකෝ හිතා මතා නොවුනත් සුලුප‍ටු නම්බුවක්ද මට දුන්නෙ.)
මම පවුලෙ වැඩිමලා, එහෙම කිව්වට ඉතින් අම්මයි තාත්තයි නම් මට වඩා වැඩිමල්.හරිම හුරතල් ඇට්ටර නංගියෙකුත් ඉන්නව ඒකිනම් ඇස්වහක් කටවහක් නැහැ සුදුම සුදුයි.නංගිනම් මටවඩා බාලයි කියල තමයි අම්මල කියන්නෙ එත් සමහර වෙලාවට මටවඩා වැඩිමල් වෙන්න එන වෙලාවලුත් නොතිබුනා නෙවෙයි.ඒ වෙලාවට තමයි කොල්ලට මලපනින්නෙ එත් හැම වෙලාවෙම නංගිගෙ පැත්තට තව චන්ද දෙකක් වැටෙනවනෙ "පවු තාම පොඩි එකීනෙ" කියන පදනම මත.ඉතින් මම අතට ගන්න පොල් මලෙන් මගෙ ඔලුවටම පතබාගෙන ඔහෙ ඉන්නවා.
දැන් මෙහෙම හිටියට මම හොඳට ඉගෙන ගත්ත කොල්ලෙක් පුංචිම කාලෙ මම මොන්ටිසෝරිත් ගියා.හැබයි මට මතක එකදවසක් මොන්ටිසෝරියෙදි හාවො පැනපු එක විතරයි.ආ තව ඉරිදට දහම් පාසැලුත් ගියා පංසල ගෙ ලඟනෙ තිබුනෙ.ඩහම් පාසැලෙ අපෙ අම්ම උගන්නපු පංතියෙ තමයි විමලෙ අයියගෙ දුව හිටියෙ.අප්පට උඩු  මේ බළල පැන්නනෙ කලින්ම මල්ලෙන් එලියට.නෑ නෑ ඕක උනේ මොන්ටිසෝරි යන කලෙ නෙව්ව්යි. ඊට පස්සෙ........මතු සම් බන්ඳයි.....!